සමාධි බුදු පිළිමය
මහ මෙවුනා උයන - අනුරාධපුරය
ලොවපුරා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ බෞද්ධ සිද්ධස්ථාන වල සමාධි ඉරියව්වෙන් වැඩ හිඳින බුද්ධ ප්‍රථිමා තනා ඇත. ඒ අතරින් ප්‍රමූඛස්ථානයක් හිමිකරගනු ලබන්නේ අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ සිටින ක්‍රි.ව. 3 හෝ 4 වන සියවසේදී ඉදිකර ඇතැයි සැලකෙන සමාධි පිළිමයයි.
අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටා ඇති, අඩි 7' 3" ක උසින් යුක්ත වන තනි ග්‍රැනයිට් (හුණුගල්) පාෂාණයෙන් නිමවා ඇති සමාධි පිළිම වහන්සේ, බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු විදහා පායි. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිණියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක. මෙම ඉරියව්ව පිළිබඳ මුළු මහත් බෞද්ධ ලෝකයම දැනුවත් බැවින් එනිසාම බුදු පිළිම නිර්මාණය කිරීමේදී බහුලව යොදාගනු ලැබේ.

මෙම සමාධි බුදු
පිළිම වහන්සේ 3 වන හෝ 4 වන සියවසට අයත් සැලකනු ලැබුවත් එය කිනම් රජ
කෙනෙකුගේ කාලයේදී නිර්මාණය කරන ලද්දේ දැයි නිශ්චිතව නොදනී. එකල මෙවැනි පිළිම හතරක්
උතුරු, දකුණු, නැගෙනහිර හා බටහිර යන සිව් දිශාවන්ට මුහුණ ලා පිහිටුවා
තිබුණැයි මතයක් පවතී. මෙම පිළිමය දැනට පිහිටි ස්ථානයේදීම 1888 දී හමු වූ අතර, පුරාවිද්‍යාඥ ආනන්ද
කුමාරස්වාමි මහතා මෙම සමාධි
බුදු පිළිමය නිසැකවම ශ්‍රී ලංකාවේ මූර්ති ශිල්පීන්ගේ නිර්මාණයක් බව අවධාරණය කර ඇත.
සමාධි බුද්ධ ප්‍රතිමාව
බාහිර ලෝකය සමඟ බැඳිමක් හෝ විදැහීමක් නොමැතිව භාවනානුගෝගීව සිටින බුදු රජාණන්
වහන්සේගේ මනසේ සන්සුන් බව නිරූපණය කරනු ලැබේ. මෙම පිළිමය නිරීක්ෂණය කරන දිශාව අනුව පිළිමයේ
මුහුණින් ආකාර තුනක හැගීම් ප්‍රකාශවේ යැයි විශ්වාස කෙරේ.
No comments:
Post a Comment