ක්‍රි.ව. 276 දී රාජ්‍යත්වයට පත්වන අවසාන
මහාවංශික රජු වන මහසෙන් රජු, වසර 27 ක රාජ්‍ය කාලයේ මුල් බාගයේදී ථේරවාදී බුදු
දහමට කළ විනාශයන් නිසා අටවැසියා තුළ අපකීර්තියට පත්වෙනවා. නමුත් ඔහුගේ දෙවන අවධිය
රටට හිතැති මහත් වූ සේවාවන් රැසක් කළ යුගයක් බවට පත්වෙනවා.
මහා විහාරයත් සමග වෛරයෙන්
පසුවූ කාලයේදී ඔහු මහා විහාර සීමාව තුළ සංඝාවාසයක් ගෙඩනැගූ අතර දැනට ලංකාවේ විශාලතම ස්තූපය
මෙන්ම දැනට ලෝකයේ ගඩොලින් ගරන ලද උසම නිර්මාණය ලෙස සැලකෙන ජේතවන චෛත්‍යද කරවනවා.
නමුත් එම ඉදිකිරීමට මහාවිහාරික භික්ෂූන්ගේ බලවත් සේ විරුද්ධ වෙනවා. එම අවස්ථාවේදී භික්ෂූහු
මහාවිහාරය අතහැර යනවා. ඔවුන් යළිත් එහි පැමිණෙන්නේ
චෛත්‍යෙය් වැඩ
නිම වූ පසුවයි. රජතුමා විසින් විහාරය පූජා කළේ දක්ෂිනාරාම වාසී සංයමයකින් තොර වූ
කොහොන්තිස්ස නමැති භික්ෂුවටයි. නමුත් විනය කර්මයකින් පසු සිවුරු හරවනු ලැබූ කොහොන්තිස්ස භික්ෂුව සසුනෙන් නෙරපා දැමීමට මහාවිහාරික
භික්ෂූන් කටයුතු කරනවා. එයින් රජතුමාගේ සිත තව තවත් මහාවිහාරික භික්ෂූන් ගෙරෙහි කළකිරෙනවා.
ඉන්පසු දක්ෂින විහාරයෙහි සිට සාගලික නිකායට අයත් භික්ෂූහු බොහෝ දෙනෙක් එහි අවුත්
පදිංචි වූ අතර, එතැන් පටන් ඔවුහු සාගලික නිකාය යන නම වෙනුවට ජේතවන නිකාය යන නම
භාවිතා කිරීමට පටන් ගත්තා. ජේතවන චෛත්‍යය සංඝ භේදය හා නිකාය භේදය ඇති කළ විහාරයක්
ලෙස සැලකෙන්නේ ඒ නිසයි.
කෙසේ
වෙතත් ඔහු පසු කාලය වන විට බුදුසසුනේ චිරස්තිය සඳහා බොහෝ යෙහෙර විහාර කරවූවා.
භික්ෂූන් වහන්සේලා සඳහා සිවුපසයෙන් සංග්‍රහ කිරීම ආදී පුණ්‍ය ක්‍රියාවල යෙදුණා.
ඓතිහාසික මූලාශ්‍රවල දක්වා ඇති මින්නේරි විහාරය, දේවාලයක් බිඳ
දමා එතැන ගෝකර්ණ විහාරය හා එකලපිල්ල යන විහාර, දාසෙන්ගල
විහාරය, රූපාරාම
විහාරය, සුළුපිටි
විහාරය, උත්තර හා අභය
යන මෙහෙණවර දෙක, කලන්දක විහාරය, මුවගම විහාරය, ගඟසෙන්වැලි
විහාරය ආදී විහාර මහසෙන් රජතුමා විසින් කරවනවා.
එතුමාගේ මුල්
රාජ්‍ය පාලන සමයෙහි ශාසනික අර්බුද පැන නැගුණත්, සමස්ත රාජ්‍ය කාලය පුරාම ආර්ථික
අතින් එතරම් පරිහානියක් තිබුනේ නෑ. එතුමා
රට සශ්‍රීක කිරීම සඳහා විශාල වැව් දහසයක් කළා. මින්නේරි වැව, ජල්ලූර වැව, ඛානුනම් වැව, මාමිණියා වැව, කෝකවාත වැව, පරක වැව, කුම්බාලක වැව, වාහත වැව, රත්මල් කඩ වැව,ති හව නම් වැව, වෙලංවිටි වැව, මාගල් වැව, සීරු වැව, මහාදාරු ගල්ලක වැව, කුළුපහන් වැව එතුමා විසින් කරවූ වැව්. යෝධ ඇල කැප්පවූයෙත් මහසෙන් රජතුමායි.
රට
සමෘද්ධිමත් කිරීම සඳහා මේසා විශාල වාරිකර්මාන්ත කරවූ නිසා රටවැසියන් එතුමාට
හත්රජුජුරුවෝ හෙවත් මින්නේරි දෙවියෝ නමින් දේවත්වයත් ආරෝපණය කළා.
වාරි කර්මාන්ත අතරේ මින්නේරිය නමැති අති
විශාල වැව නිර්මාණය කළේ සොභා ධර්මය
විසින් ලබා දුන් කඳු දෙකක් හරහා බඳිනු ලැබූ බැම්මකින් ජලය හරස්
කිරීමෙනුයි. ඒ මීට වර්ෂ 1200 කට පමණ පෙරයි.
මහසෙන් රජු වැව් ඉදිකිරීමට
සුදුසු ස්ථාන සොයමින් රට පුරු සංචාරය කළ බව කියවෙනවා. සමහර තැන්වල ඔහුට දින ගනන්
එක තැන සිටින්නටත් සුදු වෙනවා. සීගිරි මිටියාවතේ ගල ළිඳ ගම නතරව සිටි එවැනි එක්
අවස්ථාවක ඔහුට බතා මිහිරි එළ කිරි බොන්නට අවස්ථාවක් ලැපෙනවා. එවැනි රස කිරි ලබා
දෙන දෙනුන් කන්නේ මොනවාදැයි සොයන විට, එළ දෙනුන් වැල්මී ගාල් පිරී තිබුණූ ඈත පතනකට
යන බව ප්‍රත්‍යක්ෂ විය. රජු එම ස්ථානය සියැසින් දැක පරීක්ෂා කිරීමේදී අවට වනාන්නර
වලින් ගලන ජලයෙන් පතන සරු වන බව හැඟී ගිහින්, එතැන කඳු හරස් කර වැවක් කරවන්න නියම
කරනවා.
නමුත් වැව හැදීමට තෝරාගත් බිම් කඩ
තිබුනේ, පත්තා,
රඹා, රන්දුනා
කියනා යක්ෂයන්ගේ (යක්ෂ ගෝත්‍රිකයින්ගේ) පාලනය යටතේයි. ඔවුන් සතුන් දයම් කර ගත්තේත්
බවබෝග වගාකරගත්තේත් මේ පතනේදීයි. ඔවුන් එහි පැත්තක මෙනේරි ද වගාකර තිබුණා. ඒ නිසා
මහරජූ පැමිණ එහි වැවක් ඉදිකරනවාට ඔවූන් තිදෙනාම විරුද්ධ වුණා. වැවක් කරවූ පසූ
මෙනේරි වෙනූවට වී වගා කළ හැකි බව රජූ ඒත්තු ගැන්වීමට
උත්සාහ කරත් මේ පෙරැත්ත කිරීම් බාල සොයුරා වූ රන්දුනාගේ කෝපය ඉහවහා ගියා. කෝපයෙන්
තැතිගත් ඔහූ රජතුමාට විදීමට ඊතලයක්
ගන්නට පනින අවස්ථාවේදී, පය ලිස්සා වැටී හිස ගල් කුළක වැදී සිහිසූන්
වෙලා, එයින්ම මරු දකිනවා. කාරණාව ඉටුකර ගැනීමට තවත් දුෂ්කර වූ තැන, රජතුමා උපායක්
වශයෙන් "ටිකිරී" නම් රජූගේ නැඟණීය යක්ෂගෝත්‍ර
නායක "පත්තා" ට විවාහ කර දීමටත්, යක් සොයූරන්ට සිටි
"බොකුටිටී" (පොකුටී) නම් නැඟෙණිය
රජතුමාට විවාහ කර ගැනීමටත් පුරෝහිතයින් යෝජනා කරනවා. එම මංගල්‍යයන් සිදුවීමෙනුයි
වැව සෑදීමට යක්ෂ අවසරය ලබා ගන්නේ.
ඒ අනුව, වාරි කර්මාන්ත දන්නා
යක්ෂ ගෝත්‍රිකයින් ද වැව ඉදිකිරීමේ වැඩට හවූල් කර ගන්නවා. ඒ නිසා වැව් බැම්මේ වැඩ
බොහෝම ඉක්මනට
නිම වෙමින් තිබුණත් නොහිතූ ලෙස බැම්ම දෙදරා කඩා වැටුණා. කීප විටක්ම
කැඩූණ බැම්ම නැවත හැදුවත් නැවත නැවත කඩා වැටුණා. නක්ෂත්‍රකරුවන් ගෙන්වා පරීක්ෂා
කිරීමේදී එළිදරව් වුණේ රජූගෙන් කිසිවක්ම නොලබා මිය ගිය "රඹා" නම් යක් සොයූරා රජූගෙන්
පළිගැනීමට හදන බැම්ම
බිඳ දමන බවයි. රජතුමාගෙන් රාජ ලේ ඇති බිල්ලක් පූජා කළොත්
බැම්ම කඩා බිඳ දැමීම නතර කරන්නට යක්ෂයා පොරොන්දු වුණා. ඒත් මහසෙන් රජූට තම ලේ ඇති දරුවන්ද
සිටියේ නැත. මෙතෙක් කරගෙන ආ මහාවැව් කර්මාන්තය නතර කරන්නටත් නොහැක.
එදාට පමණක් නොව චිරහත් කාලයක්ම රටවැසියනට සෙත සලසන වැව හදාගන්නේ
කෙසේදැයි රජූ මහත් ශෝකයෙන් ව්‍යාකූලත්වයට පත් වුණා. රජතුමන් මේ නිසා
මහත් වූ රෝගී තත්ත්වයකටද පත් වූ බවයි කියවෙන්නේ. මේ අවස්ථාවේ තම සොයූරාත් වැව
ඉදිකරවීමත් ගැන සිතා
අතිශය වේදනාකාරී වූ පරිත්‍යාගයක් කිරීමට "බිසෝ බණ්ඩාර" නම් මහසෙන් රජුගේ
වැඩුමහල් සොයුරිය මැදිහත්
වෙනවා. එනම් ඇයට සිටින එකම පූත් කුමරා
"රඹා" යක්ෂයාට බිලි දීමටයි.
(මෙහිදී මෙම බිල්ල මල්මාලා දමා
රෙද්දකින් වසා බිළි දීමට ගෙන යන අතර ඇදුරන් යෙදූ උපක්‍රමයක් අනුව රාජකුමාරයා
වෙනුවට කළුදෑවෙකු සරසා රාජකුමාරයා ලෙස බිලිදීම කළ බවත්, මේ
බිල්ලට නියම වූ කුමාරයා රහසින් කලුදෑකඩ නම් ගමට ගොස් සැගවි සිටිය බවත්, පසුව කළු
දෑකඩ දෙවියන් බවට පත්වූ බවත් කියවෙනවා)
කෙසේ වූවත්, මේ බිලි දීමෙන් පසුව වැවේ
වැඩ නිම වන තුරු කිසිදු කරදර හිරිහැරයක් නොවු අතර, ඒ අනූහසින්
අක්කර දහස් ගණනක් වවන්නට
හැකිවූ බැම්ම නොකැඩී වැව සාදා නිම කරනු ලැබුවා.
මරණින් පසුව මහසෙන් රජතුමා මින්නේරි
දෙවියෝ යන නමින් ප්‍රකටව අද වන තුරාවටත් ජන හදවත් තුළ ලැගුම් ගෙන සිටිනවා.
මින්නේරි වැව් බැම්ම මත එතුමන් වෙනුවෙන් ඉදිකළ දේවාලය තුළ වැඩ සිටින මින්නේරි
දෙවියන් වෙනුවෙන් පුද පූජා හා විවිධ
යාතිකා සහ පෙරහැරද පවත්වනවා.
ඒ
අවස්ථාවලදී "බිසෝ බණ්ඩාර" මෑණියන්
සිහිකරන්නටත් අමතක කරන්නේ නෑ.
(අන්තර්ජාලයේ
වාර්තා හා මූලාශ්‍ර පදනම් කරගෙන සකස් කරන ලදි.)
No comments:
Post a Comment