2015-10-30

කුකුළුවා රජ මහා විහාරය


         
        සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම ලෙන් විහාරයක් වන කුකුළුවා රජ මහා විහාරය, අති දුෂ්කර ගමන් මාර්ගයක් නිමකර වනගත ප්‍රදේශ හරහා අඩිපාරවල් දිගේ ළගාවිය යුතු බෞද්ධ සිද්ධස්ථානයකි. නිරිඇලි කඳුවැටිය මුදුනේ කඳු ශිඛරයක මෙම ලෙන් විහාරය පිහිටියේය. මෙහි ප්‍රධාන ලෙන් දෙකක් දැකිය හැකි අතර, විශාල ලෙන විහාරය සඳහාද කුඩා ලෙන දේවාලය සඳහාද වෙන්වී ඇත. මෙම විහාරයේ සිට රත්නපුර පොත්ගුල් විහාරය දක්වා උමං මාර්ගයක් වෙතැයි ද ජනප්‍රවාදයේ සඳහන්ය.

මින්නේරි දෙවියෝ - 03 වන කොටස





 

       ක්‍රි.ව. 276 දී රාජ්‍යත්වයට පත්වන අවසාන මහාවංශික රජු වන මහසෙන් රජු, වසර 27 ක රාජ්‍ය කාලයේ මුල් බාගයේදී ථේරවාදී බුදු දහමට කළ විනාශයන් නිසා අටවැසියා තුළ අපකීර්තියට පත්වෙනවා. නමුත් ඔහුගේ දෙවන අවධිය රටට හිතැති මහත් වූ සේවාවන් රැසක් කළ යුගයක් බවට පත්වෙනවා.