2015-10-30

මින්නේරි දෙවියෝ - 01 වන කොටස





 

               ක්‍රිස්තු වර්ෂ 276 සිට ක්‍රිස්තු වර්ෂ 303 දක්වා අනුරාධපුරය සිය අගනගරය ොටගෙන ශ්‍රී ලංකාව පාලනය කළ මහසෙන් රජතුමා, ආගමික ආර්ථික ආදී සෑම ක්ේත්‍ර‍කදීම අේ ඉතිහාසප්‍ර‍මූඛ ස්ථානයක් හිමිකර ගන්නවා. මහාවංශලියවෙන අවසන් රජතුමා වන ඔහුගෙන් පසුව චූලංවංශය ආරම්භ වෙනවා. මියයාමෙන් පසුව මින්ේරි දෙවියන් ලෙස ේවත්වේ සලකා ඇදහිල්ලට පත් වෙන ඔහු, ේවත්වයට පත්වූ එකම සිංහල රජතුමායි.


     රටට ශ්‍රී සම්බුද්ධ සද්ධර්මය වැඩම කරන්නේ මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත කණ්ඩායමෙන්. ඒ පිරිසිදු ථේරවාදයයි. අද ලෝකයේ තියෙන පිළිගැනීම අනුව ථේරවාදය කියලා කියන්නේ සුපිරිසිදු බුදු දහමයි. භාරතයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන්, මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සෙගේ ප්‍රධානත්වයෙන්, මහ රහතුන් දහසකගේ සහභාගීත්වයෙන්, ගෞතම බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු 218කට පසුව, පැලලුප් නුවර අශෝකාරාමයේදී පවත්වපු තුන්වන ධර්ම සංඝායනාවෙන් පසුව බුදු සසුනේ විශාල දෙදරීමක් සිදු වෙනවා. එකම ශාස්තෘවරයෙක් යටතේ පැවති සසුන කෑලි 18 කට කැඩිලා යනවා.

ඒවා නිකායවල් කියලා හදුන්වනවා. ධර්මය එකමයි. හැබැයි සුළු සුළු තැන් වෙනස්. සම්ප්‍රදායවල් වෙනස්. මේ අතරින් අද ලෝකයේ වඩාත්ම ජනප්‍රිය තැනක් ගන්නේ ථේරවාදය, මහායානය, වජිරයානය සහ සෙන් ධර්මයන්. මේ අතරින් මහායානයත්, ථේරවාදය සමග කරට කර හැපෙමින් ඉදිරියෙන්ම ඉන්නවා. අපේ රටේ මහින්ද මහ රහතන් වහන්සේ වැඩම කරපු කාලයේ ඉදන්ම අඛන්ඩව පැවතුනේ සුපිරිසිදු ථේරවාදයයි.

        
අපේ රටට වෛතුල්‍යවාදය පළවෙනි වතාවට පැමිණෙන්නේ "වෝහාරික තිස්ස" රාජ්‍ය පාලන සමයේ. වෛතුල්‍යවාදය කියන්නේ, මහායානයටම කියන තවත් සමාන පදයක්. මහායානික භික්ෂුන් වහන්සේලා, අපේ රටේ ධර්ම ප්‍රචාරයේ යෙදෙනවා. ප්‍රචාරය කරන්නේ මහායානික අදහස්. වෝහාරික තිස්ස රජ්ජුරුවෝ මේ භික්ෂූන් වහන්සේලාව අල්ලලා, කන්දකින් පල්ලෙහට තල්ලු කරලා දැම්මා කියලා පොත්පත් වල සදහන් වෙනවා. මේ භයානක සිදු වීම නිසා, අපේ රටේ මහායාන ධර්මය ප්‍රචාරය වීම ටික කාලයකට නතර වෙනවා. ආයිත් අපේ රටේ මහායානය ප්‍රචාරය වෙන්න පටන් ගන්නේ ගෝඨාබය රාජ්‍ය සමයේදී. අපේ රටේ ගෝඨාබය නමින් රජවරු දෙන්නෙක් ඉදලා තියෙනවා. මින් එක්කෙනෙක් කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ පියා. ඒ ගෝඨාබය ගැන සදහන් වෙන්නේ කාවන්තිස්ස රජුගේ පියා ලෙස විතරමයි. අනිත් ගෝඨාබය රජතුමා, ජෙට්ඨතිස්ස හා මහාසෙන් කියන රවරුන්ගේ පියා. ඒ වගේම සිරිසගබෝ රජතුමාගේ සහෝදරයෙක්.

        
අපේ රටේ තියෙන ථේරවාදය එදා ඉදලම ආරක්ෂා කළේ, දේවානම්පියතිස්ස රජ දවස ස්ථාපිත කරපු "මහා විහාරය"යි. විදෙස් රටකින් වැඩම කරපු මහායානික භික්ෂූන්, මෙහේ මහායානය ප්‍රචාරය කරන කොට, ථේරවාදය අගයන මහා විහාරය ඇවිස්සෙනවා. ඔවුන් ඒ ගැන ගෝඨාභය රජතුමාට කියනවා. ගෝඨාබය රජ්ජුරුවෝ, මහායානික භික්ෂූන් වහන්සේලා අල්ලලා උන් වහන්සේලාගේ ශරීරවල, රත් කළ යකඩයකින් සළකුණු තබලා රටින් පිටුවහල් කළා. මේ මහායානික භික්ෂූන්, බියපත්වී ලංකාවෙන් ඉන්දියාවට වැඩම කළා. කාලයක් ගත වුණා.

         මෙසේ පිටේ සළකුණු තියලා ලංකාවෙන් පිටුවහල් කරපු එක් මහායානික භික්ෂූන් වහන්සේ නමකගේ ශිෂ්‍යයෙක් වන සංඝමිත්ත නම් භික්ෂුව තම ගුරු ස්වාමීන් වහන්සේගේ පිටේ ඇති කැළල නිතර දැක - අසා විස්තර දැන ගන්නවා. ඒ අනුව උන් වහන්සේ ලංකාවට එනවා. ඒ මහා විහාරයෙන් හා ගෝඨාභය රජුගෙන් පළි ගන්නයි. ලංකාවට එන උන් වහන්සේ කෙසේ හෝ ගෝඨාභය රජු සමග මිතුදමක් ඇති කර ගන්නවා.
 
       යම් කාලයකට පස්සේ මේ දෙදෙනා කුළුපග මිතුරන් බවට පත්වෙනවා. ඒ අනුව ගෝඨාභය රජතුමාගේ දරුවන් දෙදෙනාට අධ්‍යාපනය ලබාදීම භාර වන්නේ සංඝමිත්ත කියන මේ මහායාන භික්ෂුවටයි. දරුවෝ දෙදෙනාගෙන් වැඩිමලා ජෙට්ඨතිස්ස. බාලයා මහසෙන්.

      කුමාරවරුන්ට ශාස්ත්‍ර‍ උගවන්වන අස්සේ තමන්ගේ පළිගැනීමේ ක්‍රියාවලිය සංඝමිත්ත හීන්සීරුවේ දියත් කරනවා. අනුව, "මහා විහාරයේ අය කරන්නෙ බොරුවක්. එයාලා නිකන් ඉදගෙන මිනිස්සු දෙන දාන වළදනවා. ථේරවාදය හරියන්නෙ නෑ. මහායනයයි හරියන්නේ. මහායානික භික්ෂුව උසස්. නියම සද්ධර්මය තියෙන්නේ අන්න එතනයි. මහා විහාරය මෙහෙන් අතුගාලා දාන්න ඕන. එයාලා මේ රටේ මිනිස්සුන්ට මිත්‍යාව පුරුදු කරනවා" ආදී වශයෙන් කුඩා කුමාරවරුන්ට සංඝමිත්ත හාමුදුරුවෝ හෙමිහිට උගන්වනවා. වැඩි මහල් ජෙට්ඨතිස්ස කුමාරයා මේව පිළිගන්නේ නෑ. ඒත් කුඩා මහසෙන් කුමාරයා මේවා හිතේ තැන්පත් කර ගන්නවා.

        ඔය විදියට කාලය යද්දි ගෝඨාභය රජතුමා මිය යනවා. මෙහිදී රජවෙන්න නියමිතව ඇත්තේ වැඩිමහල් ජෙට්ටතිස්ස කුමාරයා බව සංඝමිත්ත හාමුදුරුවෝ දන්නවා. එහෙම වුණොත් එයාගේ චේතනාව ඉටුකර ගන්න බෑ. ගෝඨාභය රජතුමාගේ චිතකය දල්වන්න නියමිතව සිටින්නේ ජෙට්ඨතිස්ස කුමාරයා. එතැනදී ජෙට්ඨතිස්ස කුමාරයා රජවෙන එක වැලැක්වීම සඳහා ජෙට්ඨතිස්ස කුමාරයව චිතකයටම තල්ලු කරලා මරවන්න සැලසුමක් සංඝමිත්ත භික්ෂුව හදනවා. , මේ වැඩේට පිස්සු මනුස්සයෙක්ව යොදලා. ඒත් මේ සැලසුම කලින් දැනගන්නා ජෙට්ඨතිස්ස කුමාරයා, චිතකය දල්වන්න එන්නේ නෑ. සැලසුම ව්‍යාවර්ත වන සංඝමිත්ත භික්ෂුව, ඊළගට සිදුවිය හැකි දේ අන්මාන කර, ආපහු ඉන්දියාවට පැනල යනවා.  ජෙට්ඨතිස්ස කුමාරයා රජවෙනවා.

         ජෙට්ඨතිස්ස රජතුමා අවුරුදු 10 ක් රජකම් කර, ක්‍රි.ව. 276 දී අභාවයට පත් වෙනවා. ඒ අනුව ක්‍රි.ව. 276 දී මහසෙන් කුමාරයා රජ වෙනවා.
 
        කාලය මෙපමණ ගතවීත් වෛරයෙන් දැවෙමින් සිටින සංඝමිත්ත භික්ෂුව, ඒ සැණින් තමාගේ ගෝල රජතුමා සොයාගෙන ආයෙමත් ලංකාවට එනවා.

 

(මින්නේරි දෙවියෝ - 02 න් හමුවෙමු.)

(අන්තර්ජාලයේ වාර්තා හා මූලාශ්‍ර‍ පදනම් කොට ගෙන සකස් කරන ලදි.)

No comments:

Post a Comment