ඉතා ඈත ඉතිහාසයකට උරුම කම් කියන බෙල්ලන්විල රජ මහා විහාරය, බස්නාහිර පළාතේ ඉතා ප්‍රසිද්ධ පුණය
භූමියකි. බෙල්ලන්විල පුද බිමේ බෝධි
පූජාවක් පැවැත්වීමට බොහෝ දෙනා කැමතිය. එහි ඇති බෝධිය, අනුරාධපුර ජය හ්‍රී
මහා බෝධියෙන් පැන නැගුණු දෙතිස් මහා බෝධීන් ගෙන් එකකි. මේ නිසා මහත් ඵල ආනිශංස පවතින
බවටද, මහා හාස්කම් ඇති බවටද
බෞද්ධයෝ විශ්වාස කරති. දිනපතාම මෙහි ඇදී එන උපාසක උපාසිකාවන් දහස්
ගණනකි. සති අන්ත හා නිවාඩු දිනවල මෙන්ම බෝධි පූජා පැවැත්වීම සඳහා
විශේෂයෙන් බදාදා සෙනසුරාදා පැමිණෙන පිරිස අති විශාලය. පසලොස්වක පෝය දිනට
පෙර එළඹෙන ආසන්නතම බදාදා හෝ සෙනසුරාදා දවසේ බෝධි පූජාවක්
පැවැත්වීම අරමුණු කොට ගෙන, අලුයම හිරු නැගීමට පෙර සිටම
ජනතාව බෙල්ලන්විලට ඇදී එති. එය අද බෙල්ලන්විලට ආවේණික පූජාවක් බවට පත්වී තිබේ. ෴
දේශපාලන මතවාද හා ජාතික ආගමික අන්තවාදයෙන් තොරව, ශ්‍රී ලාංකිකයින් ලෙස, ශ්‍රී ලාංකීය ඉතිහාසය, සෞන්දර්ය, කලාව, නවීන තාක්ෂණය ඇතුළු දේශීය වටිනාකම් පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීමට එකතුවෙමු.
Showing posts with label ආගමික හා ඓතිහාසික. Show all posts
Showing posts with label ආගමික හා ඓතිහාසික. Show all posts
2015-12-01
වැව් බැඳි රටේ ක්ෂේම භුමිය - රිටිගල
අපේ රටේ ලිඛිත ඉතිහාසයටත් වඩා පැරණී ඉතිහාසයක් හා ඓතිහාසික නටබුන් වලින් ගහන, විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ගිය පරිසර කලාපයක් වන රිටිගල, ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ උරුමයකි. මෙම ප්‍රදේශය අද වඩාත් ආකර්ශනයට ලක්වන්නේ රිටිගල ආරන්‍ය සේනාසනය නිසාය. නමුත් එය ඈත අතීතයත් සමග බැඳී පවතින අතර, ජීව විද්‍යාත්මක, උද්භිද විද්‍යාත්මක, භූවිද්‍යාත්මක, ඓතිහාසික, ආගමික, පුරාවිද්‍යාත්මක හා සෞන්දර්යාත්මක වශයෙන් අනූනය.
![]() |
ඈතින් පෙනෙන රිටිගල කඳු |
2015-11-09
ලෝවා මහා පාය
ලොව පළමු මහල් ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ අනුරාධපුරයේ ලෝවාමහාපායයි. ඉතිහාස විචාරකයන් පවසන්නේ ලෝවාමහාපාය ඉදිකළ ක්‍රි.පූ. 150 පමණ කාලයේ, ගොව කොතැනක හෝ මහල් නිවාස ඉදිවී තිබූ බවට සාධක නොමැති බවයි. ඒ අනුව ලොව පළමු මහල් ගොඩනැගිලි ඉදිකළේ අතීත සිංහලයෝ බවට අපට උදම් ඇනිය හැකිය.
![]() |
ලෝවාමහා පායට ඉහලින් රුවන්වැලි සෑය - ශ්‍රී මහා බෝධිය ඉදිරිපස සිට මගේ කාච සටහනක් |
2015-11-06
2015-11-05
බෝධි පූජාව
![]() | |
බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධිය |
2015-11-04
පත්තිණි දේවාලය - නවගමුව
![]() |
නාගස් ගොමුව තුළ පැරණී පත්තිණි දේවාලය |
2015-11-03
පත්තිණි මෑණියෝ
දෙවියන් විශ්වාස කරන සැම දෙනක්ම පාහේ පිංපෙත් පමුණුවන, ප්‍රාධාන දේවමාතාවක් සේ වන්දනා මාන කරන පත්තිණි මෑණියෝ, විශේෂයෙන් දරුවන්ගේ හා කාන්තාවන්ගේ දුකට පිහිටවන දේව මාතාවක් ලෙස ප්‍රකටය. ශ්‍රී ලංකාව පුරා එතුමියගේ නමින් පත්තිණි දේවාල රාශියක් ඇති නමුදු, ප්‍රධාන පත්තිණි දේවාලය පිහිටා ඇත්තේ කඩුවෙල - නවගමුවේය.෴
2015-11-02
2015-10-30
කුකුළුවා රජ මහා විහාරය
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ
පිහිටි පැරණිතම ලෙන් විහාරයක් වන කුකුළුවා රජ මහා විහාරය, අති දුෂ්කර ගමන්
මාර්ගයක් නිමකර වනගත ප්‍රදේශ හරහා අඩිපාරවල් දිගේ ළගාවිය යුතු බෞද්ධ
සිද්ධස්ථානයකි. නිරිඇලි කඳුවැටිය මුදුනේ කඳු ශිඛරයක මෙම ලෙන් විහාරය පිහිටියේය.
මෙහි ප්‍රධාන ලෙන් දෙකක් දැකිය හැකි අතර, විශාල ලෙන විහාරය සඳහාද කුඩා ලෙන දේවාලය
සඳහාද වෙන්වී ඇත. මෙම විහාරයේ සිට රත්නපුර පොත්ගුල් විහාරය දක්වා උමං මාර්ගයක්
වෙතැයි ද ජනප්‍රවාදයේ සඳහන්ය.
මින්නේරි දෙවියෝ - 03 වන කොටස
ක්‍රි.ව. 276 දී රාජ්‍යත්වයට පත්වන අවසාන
මහාවංශික රජු වන මහසෙන් රජු, වසර 27 ක රාජ්‍ය කාලයේ මුල් බාගයේදී ථේරවාදී බුදු
දහමට කළ විනාශයන් නිසා අටවැසියා තුළ අපකීර්තියට පත්වෙනවා. නමුත් ඔහුගේ දෙවන අවධිය
රටට හිතැති මහත් වූ සේවාවන් රැසක් කළ යුගයක් බවට පත්වෙනවා.
Subscribe to:
Posts (Atom)