රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ
එක් වෙණ ලෙසේ වෙත් නාද නූපා තබ තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් පබා
මම කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා.....
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් පබා
මම කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා.....
පෘතුගීසී ආධිපත්‍ය පැතිරයමින් හා දේශපාලන ප්‍රවාහය අවුල්
වියලු වෙමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම යුගයක් වන කෝට්ටේ යුගය එකළු කරමින්
ස්වර්ණමය සාහිත්‍ය යුගයක් බිහිකළ මෙකල සාහිත්‍ය නිර්මාණ අතරින් මුල් තැනක ගුත්තිල
කාව්‍ය වැජඹේ.
තොටගමුවේ
විජයබා පිරිවෙනෙහි පරිවේණාධිපතිකම දැරු ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී
රාහුල හිමියන්ගේ ගෝල නමක් වූ වෑත්තෑවේ හාමුදුරුවන් විසින්, "ගුත්තිල කාව්‍ය"
රචනා කරනු ලබන්නේ තම ගුරු හිමියන් සමඟ වූ ඇතිවූ ආරවුලකදී, කොපමණ ආරවුල් පැමිණීයද
තමන් ගුරුන් වහන්සේ අභිබවා නොයන බව පෙන්වා දීම සඳහායැයි මතයක් පවතී.
රාහුල වෑත්තෑ ගුරු ගෝල සම්බන්ධය, වෑත්තෑ හිමිගේ
සාමනේර අවධියේ සිටම ඉතා ප්‍රබලව පැවතුනි. දෙදෙනා අතර විශාල වයස් පරතරයක් ද
නොතිබිණී. එය විදාගම මෛත්‍රී හා රාහුල අතර පැවති ගුරු ගෝල සම්බන්ධය තරම්ම දැඩි
විය. තම ගෝලයා දිනෙන් දින ශාස්ත්‍ර දියුණුවට පත් වන අයුරු දුටු රාහුල හිමිද මහත්
සතුටට පත් විය. විජයබා පිරිවෙනේ අධිපති තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ ප්‍රධාන ගෝලයා
බවට වෑත්තෑවේ හිමි නිරායාසයෙන්ම පත්වීම පිළිබදව රාහුල හිමිගේ අනෙකුත් ගෝලබාලයන්ගේ
ඉරිසියාවට හේතු විය. රාහුල හිමි හා වෑත්තෑවේ හිමියන් අතර තිබූ අන්‍යොන්‍ය ගුරු ගෝල
බන්ධනය බිඳ දැමීමට අනෙකුත් ගෝලයන් නිතර උත්සාහ කලහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙදෙනා
අතර විරසකයක් ඇතිවිය. මෙහිදී රාහුල හිමියන් විසින් වෑත්තෑවේ හිමියන්ගේ ආහාර පිඟානේ
කීප පළකට පළා මැල්ලුම් බෙදීමෙන්, පල නොකියා පළා බෙදුවේ යැයි කියමනක්ද ඇතිවිය.
මේ තත්වය මත, තමන් කිසිවිටෙක ගුරුවරයා ඉක්මවා කටයුතු කරන
බව සනාථ කිරීමට, වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය ලියා, ගුරු ස්වාමීන් වහන්සේට
පිළිගැන්වීය.
එහි ආරම්භය මෙසේ විය...
සියපින් සිරින් සරු
දෙතිස් ලකුණින් විසි තුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිම් මුනි උතුමන් තිලෝගුරු
දෙතිස් ලකුණින් විසි තුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිම් මුනි උතුමන් තිලෝගුරු
කාව්‍ය දුටු සැණීන් ශාස්ත්‍රාණුකූලව, කාව්‍ය ඇරඹී ඇත්තේ
වායු ගණයෙන් බව වටහා ගත් රාහුල හිමියන්ට, වෑත්තෑවේ හිමියන්ට සිවුර පමණක් නොව රට
හැර යන්නටද සිදුවන බව ප්‍රත්‍යක්ෂ විය. ජනප්‍රවාදයේ එන්නේ තම ගෝල හිමිනම වූ වෑත්තෑවේ
හිමි ලියූ ගුත්තිල කාව්‍යය බැලූ ගුරු හිමි වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්
"වෑ වැත්තේ මේ වැත්තේ - නැව් නොනැගත්තේ" (වෑත්තෑවේ මේ වතාවේ නැව් නොනඟීද?) යනුවෙන් ඇසූ
බවය.
එලෙසම ග්‍රත්තිල කාව්‍ය රාහුල හිමියන්ට පිදූ වෑත්තෑවේ
හිමියෝ, සිවුරු හැරදා - විදෙස් ගත වූ බව සඳහන්ය.
හලාවත ජයපාල මුදලි
මෙවන් වූ කාව්‍යයක් රචනා කිරීමට වෑත්තෑවේ හිමියන්ට යෝජනා
කරන්නේ ජයපාල මුදලිය. මෙකල රජකම කළ හයවන පරාක්‍රමබාහු රජුගේ අගමැති වූ හලාවත ජයපාල
මුදලි, වෑත්තෑවේ හිමියන්ගේ සමීප හිතවතෙක් විය. මේ හිතවත් කම නිසා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක්
වශයෙන් ගුත්තිල කාව්‍යය කරවන ලද බව, එම කාව්‍යයේම සඳහන් වේ.
නමුත් හයවන පරාක්‍රමබාහු රජුගේ අගමැති වූ ජයපාල මුදලි
ගැන විස්තරයක් ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වන්නේ අඩුවෙනි. මේ සම්බන්ධයෙන් විස්තර සොයා
ගිය ගවේෂකයකු වන්නේ විශේෂඥ වෛද්‍ය
අජිත් අමරසිංහ මහතාය.
ඔහුගේ සොයාගැනීම් වලට අනුව, ක්‍රි.ව. 1445 මාර්තු මාසයේදී
සයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ නියෝජිත කණ්ඩායමක නායකත්වය දරමින් අගමැති ජයපාල
මුදලි චීනයට ගියේය. ජයපාල මුදලි හෙවත් යා - බා - ල - මො - ඩි - ලි - යා ගැන 1445
අප්‍රේල් හා මැයි මස වලට අයත් චීන වාර්තා වලද සඳහන් වේ. එසේම ක්‍රි.ව. 1446 ජුනි 07 වැනි දින රාජ සභා වාර්තාවල මෙසේ
සඳහන් වේ. ලංකාවෙන් පැමිණි "යා - බා - ල - මො - ඩි - ලි - යා" නමැති
දූතයා රාජ සභාවට ත්‍යාග ප්‍රදානය කිරීමට පැමිණියේය. ඔහු ගුවෙන් ඩොන් ප්‍රාන්තයට
පැමිණි පසු ඔහුට රෝගයක් වැලඳිණි. එම රෝගයෙන් ඔහු මිය ගියේය. එහිදී ඔහුට අදාළ අවසාන
කටයුතු හා පූජාවන් කරන ලෙස නියෝග කෙරිණි.
ඒ අනුව නොකළ හැක්කක් නොමැති බලයක් තබුනු අගමැති ජයපාල
මුදලි, නොදන්නා රටක හුදෙකලාවේ මරණයට පත්වු බවය.
කෙසේ හෝ ක්‍රි.ව. 1445 මාර්තු මස චීන රාජ සභාවට ගිය
සිංහල දූත පිරිසෙහි වූ ජයපාල මුදලි සමඟ ඔහුගේ හිතවතා වූ ඒ වන විට සිවුරු හැර හුන්
වෑත්තෑවේ හිමියන්ද සිටින්නට ඇතැයි වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සැක පහල කරයි.
කෙසේ වෙතත්, ආපසු පැමිණි වෑත්තෑවේ හිමියන්ව, ගුත්තිල කාව්‍ය
කියවීමෙන් පසු සියලු තරහ දුරැර සිටි රාහුල හිමියන් විසින්ම නැවත සසුන් ගත කරන ලදි.
ඒ සම්බන්ධය පසුව රජ බවට පත් සපුමල් කුමරාගේ වෛරයෙන් ගැලවීමට රහස් ස්ථානයක සැඟවී
සිටි වයස් ගත යුගයේදීත් දෙදෙනා අතර පැවතුණු බව සඳහන්ය.
අන්තර්ජාලයේ දත්ත හා තොරතුරු පදනම් කරගෙන සකස් කරන ලදි.
(ඡායාරූප - අන්තර්ජාලයෙන්)
(ඡායාරූප - අන්තර්ජාලයෙන්)
No comments:
Post a Comment