2015-12-02

විජිතපුර සටන - ( ක්‍රි.පූ. 161 )



   ශ්‍රී ලංකාවේ පැවති විශිෂ්ට හා තීරණාත්මක සංග්‍රාමයක් ලෙස විජිතපුර සටන සැලකිය හැකිය.  එය මෙයට වසර 2 175 කට පමණ පෙර අනුරාධපුරයට ආසන්න විජිතපුර නම් ස්ථානයේදී සිදුවූවකි. අනුරාධපුර රාජානිය යටත් කරගෙන වසර 44 ක් තිස්සේ රජකම් කළ එළාර නම් ද්‍රවිඩ රජුට එරෙහිව, දෙටු ගැමුණූ රජතුමා විසින් කළ යුද්ධයේ වැදගත්ම  අවස්ථාවක් වූයේ විජිතපුර සටනයි. 
දුටුගැමුණු රජතුමා

2015-12-01

බෙල්ලන්විල රජ මහා විහාරය


   
ඉතා ඈත ඉතිහාසයකට උරුම කම් කියන බෙල්ලන්විල රජ මහා විහාරය, බස්නාහිර පළාතේ ඉතා ප්‍රසිද්ධ පුණය භූමියකි.  බෙල්ලන්විල පුද බිමේ බෝධි පූජාවක් පැවැත්වීමට බොහෝ දෙනා කැමතිය. එහි ඇති බෝධිය, අනුරාධපුර ජය හ්‍රී මහා බෝධියෙන් පැන නැගුණු දෙතිස් මහා බෝධීන් ගෙන් එකකි. මේ නිසා මහත් ඵල ආනිශංස පවතින බවටද, මහා හාස්කම් ඇති බවටද බෞද්ධයෝ විශ්වාස කරති. දිනපතාම මෙහි ඇදී එන උපාසක උපාසිකාවන් දහස් ගණනකි. සති අන්ත හා නිවාඩු දිනවල මෙන්ම බෝධි පූජා පැවැත්වීම සඳහා විශේෂයෙන් බදාදා සෙනසුරාදා පැමිණෙන පිරිස අති විශාලය. පසලොස්වක පෝය දිනට පෙර එළඹෙන ආසන්නතම බදාදා හෝ සෙනසුරාදා දවසේ බෝධි පූජාවක් පැවැත්වීම අරමුණු කොට ගෙන, අලුයම හිරු නැගීමට පෙර සිටම ජනතාව බෙල්ලන්විලට ඇදී එති. එය අද බෙල්ලන්විලට ආවේණික පූජාවක් බවට පත්වී තිබේ. ෴



  

වැව් බැඳි රටේ ක්ෂේම භුමිය - රිටිගල



අපේ රටේ ලිඛිත ඉතිහාසයටත් වඩා පැරණී ඉතිහාසයක් හා ඓතිහාසික නටබුන් වලින් ගහන, විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ගිය පරිසර කලාපයක් වන රිටිගල, ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ උරුමයකි. මෙම ප්‍රදේශය අද වඩාත් ආකර්ශනයට ලක්වන්නේ රිටිගල ආරන්‍ය සේනාසනය නිසාය. නමුත් එය ඈත අතීතයත් සමග බැඳී පවතින අතර, ජීව විද්‍යාත්මක, උද්භිද විද්‍යාත්මක, භූවිද්‍යාත්මක, ඓතිහාසික, ආගමික, පුරාවිද්‍යාත්මක හා සෞන්දර්යාත්මක වශයෙන් අනූනය.
ඈතින් පෙනෙන රිටිගල කඳු 

2015-11-09

ලෝවා මහා පාය

ලොව පළමු මහල් ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ අනුරාධපුරයේ ලෝවාමහාපායයි. ඉතිහාස විචාරකයන් පවසන්නේ ලෝවාමහාපාය ඉදිකළ ක්‍රි.පූ. 150 පමණ කාලයේ, ගොව කොතැනක හෝ මහල් නිවාස ඉදිවී තිබූ බවට සාධක නොමැති බවයි. ඒ අනුව ලොව පළමු මහල් ගොඩනැගිලි ඉදිකළේ අතීත සිංහලයෝ බවට අපට උදම් ඇනිය හැකිය.

ලෝවාමහා පායට ඉහලින් රුවන්වැලි සෑය - ශ්‍රී මහා බෝධිය ඉදිරිපස සිට
මගේ කාච සටහනක්

2015-11-06

Sandathenna සඳතැන්න - නුවර එළිය


සඳතැන්න පාරිසරික කෘෂි සංචාරක කලාපය 

වික්ටෝරියා උද්‍යානය, හක්ගල උද්‍යානය, ග්‍රෙගරි වැව, ලෝකාන්තය, ශාන්තිපුර ආදී නුවරඑළිය සංචාරක කලාපයේ නැරඹුම් ස්ථාන අතරට අලුතින්ම එකතු වූ ස්ථානය වන්නේ ස‍ඳතැන්න පාරිසරික කෘෂි සංචාරක කලාපයයි. මෙය අංශක 360 නැරඹුම් ස්ථානයක් වන අතර, ලෝකාන්තයක් ලෙසින් ද සැලකිය හැකිය.

අෂ්ඨ ඵල බෝධි - දෙතිස් ඵල බෝධි

දඹදිවින් වැඩම කළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයෙහි රෝපනය කිරීමෙන් පසුව,උන් වහන්සේගෙන් මුලින්ම හට ගත්තාවූ  ශාඛා අට අෂ්ඨ ඵල බෝධීන්වහන්සේලා ලෙසත්, එම 8 න් හටගත්තාවූ ශාඛා 32, දෙතිස් ඵල බෝධීන් වහන්සේලා ලෙසත් හැඳින්වූ බව ඓතිහාසික පොත්පත් හා ලේඛණ වලද, ජන වහරෙහිද සටහන් වේ.

2015-11-05

බෝධි පූජාව


බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධිය
බුදු රජාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූවාවූ ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේද, එයින් හටගත්තාවූ අනුරාධපුරයේ වැඩ හිඳින ශ්‍රී මහා බෝධීන් වහන්සේද සහ එයින් හටගත්තාවූ අෂ්ඨඵල දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ප්‍ර‍මූඛව රට පුරා දහස් ගණන් බෝධීන් වහන්සේලා දෛනිකව නිරන්තරව ජනී ජනයාගෙන් පිදුම් ලබති.

සේනක බිබිලේ



යුගයේ මිනිසා ගැන කතිකාවතක්....

හැමොම කථාකරන හැමෝම අගයන කවුද මේ සේනක බිබිලේ...?

2015-11-04

පත්තිණි දේවාලය - නවගමුව

නාගස් ගොමුව තුළ පැරණී පත්තිණි දේවාලය
බෞද්ධ දේව මාතාවක ලෙස සලකන පත්තිණි දෙවියන් නමින් ශ්‍රී ලංකාව පුරා සෑම ස්ථානයකම පාහේ දේවාලග පිහිටා තිබුණත්, පත්තිණී මෑණියන්ගේ ප්‍ර‍ධාන දේවස්ථානය ලෙස සැලකෙන්නේ නවගමුවේ පත්තිණි දේවාලයයි. එය, කොළඹ අවිස්සාවේල්ල පැරණී මාර්ගයේ කැළණි ගං මිටියාවතේ පිහිටි නවගමුවේ ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරස්ථාන භූමිය තුළය.෴

2015-11-03

පත්තිණි මෑණියෝ

දෙවියන් විශ්වාස කරන සැම දෙනක්ම පාහේ පිංපෙත් පමුණුවන, ප්‍ර‍ාධාන දේවමාතාවක් සේ වන්දනා මාන කරන පත්තිණි මෑණියෝ, විශේෂයෙන් දරුවන්ගේ හා කාන්තාවන්ගේ දුකට පිහිටවන දේව මාතාවක් ලෙස ප්‍ර‍කටය. ශ්‍රී ලංකාව පුරා එතුමියගේ නමින් පත්තිණි දේවාල රාශියක් ඇති නමුදු, ප්‍ර‍ධාන පත්තිණි දේවාලය පිහිටා ඇත්තේ කඩුවෙල - නවගමුවේය.෴

දෙකේ බලේ...!

මේක ගණිතය විෂයයේ අංක ගණිතය කියන තේමාව යටතේ 7 ශ්‍රේණියේ දී උගන්වන බල හා දර්ශක පාඩමටත් අදාලව ගෙතූ හෝ සිදුවූ ලස්සණ සිද්ධීයක්. කියවලා බලමු. ෴

දෙමෝදර පාලම



෴ දෙමෝදර ගොටුවෙල ආරුක්කු නවයේ පාලම ආශ්‍රිතව එහි ඉදිකිරීමේ ඉතිහාසය සම්බන්ධයෙන් අන්තර්ජාලයේද පුවත්පත් වැනි මාධ්‍යයන්හිද, ජනප්‍රවාද වලද, විවිධ අදහස් පලවී ඇත. නමුත් එහි සත්‍ය ඉතිහාස කතාව වර්තමානයේ ප්‍රසිද්ධ වී තිබෙන ඒවාට වඩා හාත්පසින් වෙනස්ය. එහෙයින් බොහෝ දෙනාගේ ඉල්ලීම මත, මා විසින් ගවේශනය කරනු ලැබූ කරුණු මම ලංකාභිමාණීයේ සටහන් කරමි.෴

2015-11-02

සුන්දර කිතුල්ගල




        කිතුල්ගල යනු, සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා ගමකි. එය එක් පසෙකින් නුවරඑලිය දිස්ත්‍රික්කයට මායිම් වන අතර සබරගමුව කඳු පන්ති වලින් වටවී ඇත. අවිස්සාවේල්ල - ගිනිගත්හේන මාර්ගය හෙවත් කොළඹ හැටන් A7 මාර්ගය දිවෙන්නේ කිතුල්ගල හරහාය.

         කිතුල්ගල සංචාරක පාරාදීසයක් බව කිවහොත් නිවැරදිය. සංචාරකයෙකුට මෙහි පිවිසීමට හේතු ඕනෑවටත් වඩා තිබේ.

සංඛපාල රජ මහා විහාරය

විහාරය
         කොළඹ රත්නපුර පැල්මඩුල්ල පසුකොට ඇඹිලිපිටිය මාර්ගයේ ගමන්කරන විට හමුවන පල්ලෙබැද්ද පසුකර යනවිට කොළඹගේආර ප්‍රදේශයට ආසන්නයේ දී ගිරිශිඛර සහිත කඳුවැටිය පාමුල සංඛපාල රජමහා විහාරය හමුවෙයි. කොළඹ සිට සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 140 ක් පමණ වේ.

2015-10-30

කුකුළුවා රජ මහා විහාරය


         
        සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම ලෙන් විහාරයක් වන කුකුළුවා රජ මහා විහාරය, අති දුෂ්කර ගමන් මාර්ගයක් නිමකර වනගත ප්‍රදේශ හරහා අඩිපාරවල් දිගේ ළගාවිය යුතු බෞද්ධ සිද්ධස්ථානයකි. නිරිඇලි කඳුවැටිය මුදුනේ කඳු ශිඛරයක මෙම ලෙන් විහාරය පිහිටියේය. මෙහි ප්‍රධාන ලෙන් දෙකක් දැකිය හැකි අතර, විශාල ලෙන විහාරය සඳහාද කුඩා ලෙන දේවාලය සඳහාද වෙන්වී ඇත. මෙම විහාරයේ සිට රත්නපුර පොත්ගුල් විහාරය දක්වා උමං මාර්ගයක් වෙතැයි ද ජනප්‍රවාදයේ සඳහන්ය.

මින්නේරි දෙවියෝ - 03 වන කොටස





 

       ක්‍රි.ව. 276 දී රාජ්‍යත්වයට පත්වන අවසාන මහාවංශික රජු වන මහසෙන් රජු, වසර 27 ක රාජ්‍ය කාලයේ මුල් බාගයේදී ථේරවාදී බුදු දහමට කළ විනාශයන් නිසා අටවැසියා තුළ අපකීර්තියට පත්වෙනවා. නමුත් ඔහුගේ දෙවන අවධිය රටට හිතැති මහත් වූ සේවාවන් රැසක් කළ යුගයක් බවට පත්වෙනවා.