කිතුල්ගල යනු, සබරගමු පළාතේ, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
කුඩා ගමකි. එය එක් පසෙකින් නුවරඑලිය දිස්ත්‍රික්කයට මායිම් වන
අතර සබරගමුව කඳු පන්ති වලින් වටවී ඇත. අවිස්සාවේල්ල - ගිනිගත්හේන
මාර්ගය හෙවත් කොළඹ හැටන් A7 මාර්ගය දිවෙන්නේ කිතුල්ගල
හරහාය.
![]() | |
බෙලිලෙන තුලින් |
![]() |
බෙලිලෙන |
කිතුල්ගල පිහිටි කුරුලු කැලේ හෙවත් බංඩාර කැලය නමින්
හදුන්වන වනාන්තර ප්‍රදේශය තුල විවිධ ආවේනික මෙන්ම සංචාරක පක්ෂීන්ද දැකගත හැකිය. පුරා විද්‍යා වටිනාකමක් ඇති ආදි මානවයා විසූ බෙලිලෙන නම් ස්ථානය පිහිටා ඇත්තේද
කිතුලගලය. අදින් අවුරුදු 25000 ක් අතීත මානවයන් මෙහි සිටි බවට ස්ථිර සාක්ෂි හමුවී ඇත. කිතුල්ගල නගරයට මායිම්ව පිහිටි මෙම
"මාකන්දාව" නම් වනාන්තරයත් ඉතා සුන්දර පරිසරයකින් සමන්විතය.
![]() |
දේශීය සංචාරකයන් |
කිතුල්ගලට එන සංචාරකයෙකුට ඉතා පහසුවෙන් ලගා විමට හැකි සුන්දර දිය ඇල්ලකි, මන්නකැති ඇල්ල. උසින් මිටර් 110 පමණ වෙන මෙම දිය ඇල්ලට අමතරව
මිටර් 25 ක හා 35 දිය ඇලි දෙකකින්
සමන්විත මන්නකැති දිය ඇල්ල, ඉතා මනස්කාන්ත දිය ඇල්ලක් ලෙස හදුන්වා දිය හැකිය.
![]() |
කලු වල ඇල්ල |
![]() |
මන්න කැති ඇල්ල |
![]() |
ගග අයිනේ නවාතැන් |
දෙවෙනි ලෝක යුද්ධය පසුබිම් කරගනිමින් 1952 දී ප්‍රංශ ලේඛක Pierre Boulle අතින් ලියැවුණු
පොතක් ඇසුරින් නිෂ්පාදනය කළ, ඇකඩමි සම්මානලාභී The Bridge on the River
Kwai හෙවත් ක්වායි ගඟේ පාලම නැමැති චිත්‍රපටය තැනුවේ කිතුල්ගලය. (ඇත්තටම නම් කැළණි ගගේ පාලම) මේ සඳහා
චිත්‍රපට කණ්ඩායම විසින් මෙම ස්ථානයේදී සැබෑ ලෙසම පාලමක් ගොඩ නැගූ අතර, චිත්‍රපටයේ
අවසාන දර්ශනය සඳහා එය පුපුරුවා හරින ලදි. මෙම ස්ථානයේ සිහිවටන නැරඹීමටද සංචාරකයෝ
මෙහි එති.
කෙසේ වෙතත් අන්තර්ජාලයේ කිතුල්ගල ලෙස නම් කර සෙවූ විට අපට
දක්නට ලැබෙන්නේ මේ කිසිවක් නොව වයිටි වෝටර් රාෆ්ටින් නැමැති ක්‍රීඩාවයි. අද ඒ
තරමටම කිතුල්ගලට වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව මුල් බැස තිබේ.

1970 දශකයේ අඟ භාගයේදී ඇමෙරිකාව විසින්
මෙම කී‍්‍රඩාව නිර්මාණය කර ඇත. දැනට ලොව පුරා ගංඟා 374 ක්
ආශි‍්‍රතව රාෆ්ටින් කී‍්‍රඩාව පවත්වනු ලැබේ. රාෆ්ටින් ඔලිම්පික් කී්රඩාවක්ද වෙයි.
ලෝකය පුරා රටවල් සිය සංචාරක ආකර්ශණය පවත්වාගෙන යෑමට මෙම කී‍්‍රඩාව ප්රබලව යොදා ගන්නා
අතර, මැලේසියාව සහ ඩුබායි යන රටවල් කෘතිම ගංඟා නිර්මාණය කර රාෆ්ටින් කී‍්‍රඩාව
පවත්වාගෙන යයි. මෙම කී‍්‍රඩාවේ නිරත විය
හැකි ලංකාවේ එකම ස්ථානය කිතුල්ගලය.
කිතුල්ගල ‘වයිට් වෝටර් රාෆ්ටින්’කී‍්‍රඩාව දෙස් විදෙස් සංචාරක ආකර්ශණය පමණක් නොව දහස් ගණනකගේ ජීවිතද
සුරක්ෂිත කරයි. මෙම ප්‍රදේශයේ සංචාරක හෝටල් 38 ක් ඇත. එම
හෝටල් වල සේවකයන් 400 ක් පමණ රැකියා කරයි. රාෆ්ටින් සේවා සැපයීම්
ආයතන 10 කි. එම ආයතනවල 200ක් පමණ
පිරිසක් සේවය කරයි.
![]() |
වයිට් වෝටර් |

ඔබ පිහිනීමට කිසිසේත්ම නොදන්නෙක් වූවද, කිතුල්ගලදී ඔබට
කිසිදු අනතුරකින් හානියකින් තොරව ඔබේ කණ්ඩායම සමග බෝට්ටුවකින් රැපිඩ් 7 ක් පසුකර
කිලෝමීටර් පහ හමාරක් කැළණී ගග පහළට සුදු පෙළ කැටි අතරින් යාත්‍රා කළ හැකිය. ආරක්ෂක
හිස් වැසුම් හා වෙනත් ආරක්ෂිත ඇඳුම් පැළඳ සිටින ඔබ සමග වෝටර් රාෆ්ටින් උපදේශකවරු
හෙවත් මග පෙන්වන්නෝ ඔබේ ආරක්ෂාවට ඔබ සමග බෝට්ටුවේ ගමන් කරනු ඇත. කිතුල්ගල වයිට්
වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව හඳුන්වා දුන් දා සිට මේ දක්වා කිසිඳු හෝ ජීවිත හානියක්
සිදුවී නොමැත.
ජීවිතයේ වරක් හෝ ඔබ කිතුල්ගලදී කැළණි ගං කොමලිය සමග යාත්‍රා
නොකළේ වී නම්, ඔබට මට මෙන්ම දිනක පසුතැවීමට සිදුවනු නොඅනුමානය.
![]() |
දිය ඇලි තරණය |
(අන්තර්ජාලයේ
වාර්තා හා මූලාශ්‍ර පදනම් කොට ගෙන සකස් කරන ලදි.)
- අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප ද අන්තර්ගත කර ඇත -
No comments:
Post a Comment