2015-12-02

විජිතපුර සටන - ( ක්‍රි.පූ. 161 )



   ශ්‍රී ලංකාවේ පැවති විශිෂ්ට හා තීරණාත්මක සංග්‍රාමයක් ලෙස විජිතපුර සටන සැලකිය හැකිය.  එය මෙයට වසර 2 175 කට පමණ පෙර අනුරාධපුරයට ආසන්න විජිතපුර නම් ස්ථානයේදී සිදුවූවකි. අනුරාධපුර රාජානිය යටත් කරගෙන වසර 44 ක් තිස්සේ රජකම් කළ එළාර නම් ද්‍රවිඩ රජුට එරෙහිව, දෙටු ගැමුණූ රජතුමා විසින් කළ යුද්ධයේ වැදගත්ම  අවස්ථාවක් වූයේ විජිතපුර සටනයි. 
දුටුගැමුණු රජතුමා

2015-12-01

බෙල්ලන්විල රජ මහා විහාරය


   
ඉතා ඈත ඉතිහාසයකට උරුම කම් කියන බෙල්ලන්විල රජ මහා විහාරය, බස්නාහිර පළාතේ ඉතා ප්‍රසිද්ධ පුණය භූමියකි.  බෙල්ලන්විල පුද බිමේ බෝධි පූජාවක් පැවැත්වීමට බොහෝ දෙනා කැමතිය. එහි ඇති බෝධිය, අනුරාධපුර ජය හ්‍රී මහා බෝධියෙන් පැන නැගුණු දෙතිස් මහා බෝධීන් ගෙන් එකකි. මේ නිසා මහත් ඵල ආනිශංස පවතින බවටද, මහා හාස්කම් ඇති බවටද බෞද්ධයෝ විශ්වාස කරති. දිනපතාම මෙහි ඇදී එන උපාසක උපාසිකාවන් දහස් ගණනකි. සති අන්ත හා නිවාඩු දිනවල මෙන්ම බෝධි පූජා පැවැත්වීම සඳහා විශේෂයෙන් බදාදා සෙනසුරාදා පැමිණෙන පිරිස අති විශාලය. පසලොස්වක පෝය දිනට පෙර එළඹෙන ආසන්නතම බදාදා හෝ සෙනසුරාදා දවසේ බෝධි පූජාවක් පැවැත්වීම අරමුණු කොට ගෙන, අලුයම හිරු නැගීමට පෙර සිටම ජනතාව බෙල්ලන්විලට ඇදී එති. එය අද බෙල්ලන්විලට ආවේණික පූජාවක් බවට පත්වී තිබේ. ෴



  

වැව් බැඳි රටේ ක්ෂේම භුමිය - රිටිගල



අපේ රටේ ලිඛිත ඉතිහාසයටත් වඩා පැරණී ඉතිහාසයක් හා ඓතිහාසික නටබුන් වලින් ගහන, විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ගිය පරිසර කලාපයක් වන රිටිගල, ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ උරුමයකි. මෙම ප්‍රදේශය අද වඩාත් ආකර්ශනයට ලක්වන්නේ රිටිගල ආරන්‍ය සේනාසනය නිසාය. නමුත් එය ඈත අතීතයත් සමග බැඳී පවතින අතර, ජීව විද්‍යාත්මක, උද්භිද විද්‍යාත්මක, භූවිද්‍යාත්මක, ඓතිහාසික, ආගමික, පුරාවිද්‍යාත්මක හා සෞන්දර්යාත්මක වශයෙන් අනූනය.
ඈතින් පෙනෙන රිටිගල කඳු 

2015-11-09

ලෝවා මහා පාය

ලොව පළමු මහල් ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ අනුරාධපුරයේ ලෝවාමහාපායයි. ඉතිහාස විචාරකයන් පවසන්නේ ලෝවාමහාපාය ඉදිකළ ක්‍රි.පූ. 150 පමණ කාලයේ, ගොව කොතැනක හෝ මහල් නිවාස ඉදිවී තිබූ බවට සාධක නොමැති බවයි. ඒ අනුව ලොව පළමු මහල් ගොඩනැගිලි ඉදිකළේ අතීත සිංහලයෝ බවට අපට උදම් ඇනිය හැකිය.

ලෝවාමහා පායට ඉහලින් රුවන්වැලි සෑය - ශ්‍රී මහා බෝධිය ඉදිරිපස සිට
මගේ කාච සටහනක්

2015-11-06

Sandathenna සඳතැන්න - නුවර එළිය


සඳතැන්න පාරිසරික කෘෂි සංචාරක කලාපය 

වික්ටෝරියා උද්‍යානය, හක්ගල උද්‍යානය, ග්‍රෙගරි වැව, ලෝකාන්තය, ශාන්තිපුර ආදී නුවරඑළිය සංචාරක කලාපයේ නැරඹුම් ස්ථාන අතරට අලුතින්ම එකතු වූ ස්ථානය වන්නේ ස‍ඳතැන්න පාරිසරික කෘෂි සංචාරක කලාපයයි. මෙය අංශක 360 නැරඹුම් ස්ථානයක් වන අතර, ලෝකාන්තයක් ලෙසින් ද සැලකිය හැකිය.

අෂ්ඨ ඵල බෝධි - දෙතිස් ඵල බෝධි

දඹදිවින් වැඩම කළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයෙහි රෝපනය කිරීමෙන් පසුව,උන් වහන්සේගෙන් මුලින්ම හට ගත්තාවූ  ශාඛා අට අෂ්ඨ ඵල බෝධීන්වහන්සේලා ලෙසත්, එම 8 න් හටගත්තාවූ ශාඛා 32, දෙතිස් ඵල බෝධීන් වහන්සේලා ලෙසත් හැඳින්වූ බව ඓතිහාසික පොත්පත් හා ලේඛණ වලද, ජන වහරෙහිද සටහන් වේ.

2015-11-05

බෝධි පූජාව


බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධිය
බුදු රජාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූවාවූ ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේද, එයින් හටගත්තාවූ අනුරාධපුරයේ වැඩ හිඳින ශ්‍රී මහා බෝධීන් වහන්සේද සහ එයින් හටගත්තාවූ අෂ්ඨඵල දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ප්‍ර‍මූඛව රට පුරා දහස් ගණන් බෝධීන් වහන්සේලා දෛනිකව නිරන්තරව ජනී ජනයාගෙන් පිදුම් ලබති.